fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

    ලබන සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම ණය හිමියන්ගේ සමුළුව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

    මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බව සාගල රත්නයක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැවසීය.

    ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන්, තම සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනුසෙට්‍යාවන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්ය‌ාලයේ පැවැත්වුණු අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.