fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිලිණිගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුත් CID අත්අඩංගුවට

    තිලිණිගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුත් CID අත්අඩංගුවට

    ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ධනවතුන් සහ කළු සල්ලි ජාවාරම්කරුවන් රවටා රුපියල් බිලියන ගණනාවක් මූල්‍ය වංචාවක නිරතවූ තිලිණිගේ ප්‍රියමාලිගේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් බණ්ඩාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ තිලිණි ළඟින්ම රැදෙමින් ඇය සමඟ ඔහුද විවිධ පුද්ගලයින් රැවටීමට ලක්කර ඇති බවය.

    ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් රන් භාණ්ඩ මෙරට ප්‍රධාන පෙලේ රන් භාණ්ඩ අලෙවි සැලකට අලෙවිකර ඇත්තේද මෙම සැකකරු මගින් බවට තොරතුරුද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ.

    මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයද අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න