fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි 9 වැනිදා ඝාතනයට ලක්වූ මන්ත්‍රී වෙනුවෙන් වන්දියක්

    මැයි 9 වැනිදා ඝාතනයට ලක්වූ මන්ත්‍රී වෙනුවෙන් වන්දියක්

    පසුගිය කාලයේ අරගලකාරී වාතාවරණය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

    ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කීය.

    පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී අරගලය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි.

    ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.