fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තම රටේ වෙළෙඳ පසුබිම ප්‍රයෝජනයට ගන්නැයි මෙක්සිකෝව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

    තම රටේ වෙළෙඳ පසුබිම ප්‍රයෝජනයට ගන්නැයි මෙක්සිකෝව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

    අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි මෙක්සිකෝ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයේදී මහින්ද සමරසිංහ මහතා වොෂින්ටන් ඩී.සී. හි නේවාසික මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සිය අක්තපත්‍රවල පිටපත් එක්සත් ජනපදයේ මෙක්සිකෝ තානාපති Esteban Moctezuma මහතා වෙත පිළිගන්වන ලදී.

    අනතුරුව පැවති රැස්වීමේදී තානාපති සමරසිංහ මහතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරට අතර සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම තම දැඩි අධිෂ්ඨානය බව ප්‍රකාශ කළේය.

    දැනට ශ්‍රී ලංකාවට හිතකර වෙළෙඳ ශේෂයක් ඇති ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා 15 වැනි අපනයන ගමනාන්තය මෙක්සිකෝවයි.

    දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරන බව ඔහු සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ දැනට පවතින මූල්‍ය බාධාවන් සහ ඒ ආශ්‍රිත වර්ධනයන් පිළිබඳව පැහැදිලි කළ තානාපති සමරසිංහ මහතා, මෙක්සිකෝව ඇතුළු එහි විශ්වසනීය ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව වත්මන් අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අවධාරණය කළේය.

    මෙක්සිකෝව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකු වන බැවින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට අදාළ මෑත කාලීන වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර පිළිබඳව තානාපතිවරයා මෙහිදී දැනුවත් කළේය.

    ශක්තිමත් සැපයුම් දාමයක් සහිත මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කලාපයේ ප්‍රධාන රටවල් කිහිපයක් සමඟ ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් පවත්වාගෙන යන බව පැවසූ මෙක්සිකෝ තානාපති Esteban Moctezuma මහතා කලාපය තුළ සිය පැවැත්ම පුළුල් කිරීම සඳහා මෙක්සිකෝවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළඳ පසුබිම ප්‍රයෝජනයට ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.