fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපන් සමාගමෙන් අල්ලස් ඉල්ලා නෑ - නිමල් යළි ඇමති ධුරයට

    ජපන් සමාගමෙන් අල්ලස් ඉල්ලා නෑ – නිමල් යළි ඇමති ධුරයට

    ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ තීන්දුව මගින් නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදොස් කොට තිබේ.

    නිමල් සිරිපාලද සිල්වා මහතා හෝ කිසිදු අමාත්‍යවරයෙකු එසේ අල්ලස් ඉල්ලා නොමැති බව සිය සාක්ෂි මගින් තහවුරු කරගත් බව ඒ පිළිබඳ පත්කළ කමිටු නියමනය වී ඇත.

    එබැවින් මෙම චෝදනාව පදනම් විරහිතව කරන ලද චෝදනාවක් බවට, ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු වූ කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් පත්කළ විශේෂ කමිටුව කරන ලද දීර්ඝ විමර්ශනයෙන් අනතුරුව නිගමනය කර ඇත.

    ඒ අනුව එහි චෝදනාවලින් නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදහස් බැවින් ජනාධිපතිවරයා විසින් නැවත වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ඔහු පත් කරන ලදී.

    මෙම චෝදනාව එල්ලවීමත් සමඟ නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටින ලදී.

    මේ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, එකී කමිටු වාර්තාව පිළිගත නොහැකි බවත්, මෙවැනි චෝදනා විභාග කළ යුත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් බවට ප්‍රකාශ කරන ලදී.

    එසේ තිබියදී කොළඹ මාලිගාවත්ත පටුමග හි පදිංචි එස්.එම්.නිෂාන් මව්ලානා නැමැති පුද්ගලයෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ලදී.

    එකී පැමිණිල්ල පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් පවත්වන ලද අතර පරීක්ෂණය සඳහා තායිසේ සමාගමේ නියෝජතයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු උප කොන්ත්‍රාත් වරුන් කැඳවා සාක්ෂි සටහන් කරගත් බවත්, ජපන් තානාපති කාර්යාලයෙන්ද එම පරීක්ෂණ වලට අදාල කරුණු විමර්ශනය කර ඇත.

    මෙම පරීක්ෂණය අවසානයේ දී කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද, එහෙයින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දන්වා ඇති බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.