fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිඟ බිල් නිසා පාසල්වල වතුර කපන තීරණය අත්හිටුවයි

    හිඟ බිල් නිසා පාසල්වල වතුර කපන තීරණය අත්හිටුවයි

    ජල බිල්පත් නොගෙවීම නිසා පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය වහාම නතර කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    ජල බිල්පත් නොගෙවූ පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ඉකුත්දා ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබූ අතර එමගින් සිසුන්ට සිදුවන අපහසුතාවය සලකා බලා ජල සම්පාදන මණ්ඩලයේ සභාපති සමඟ පැවැති සාකච්ඡාවක දී එම තීරණය අත්හිටුවන්නැයි උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව ජල බිල්පත් නොගෙවීම හේතුකොටගෙන කිසිදු පාසලක ජන සැපයුම විසන්ධි නොකරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

    පාසල් වල ජල බිල්පත් ගෙවීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් සකස් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.