අහුංගල්ලේ ත්‍රීරෝද රථ ගාලේ රැදී සිටි පුද්ගලයෙකුට පසුගිය 12 වෙනිදා වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය යුද හමුදාවට අයත් එකක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළිකරගෙන තිබේ.
ඒ අනුව එම වෙඩි තැබීමට ගිනි අවිය ලබාදුන් බව
කියන දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව කිලිනොච්චිය කදවුරේ සේවයේ නිරතව සිටින මාණ්ඩලික සැරයන්වරයෙක්ව විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමට යොදාගත් T56 – 2612651 අංකය දරන එම ටී 56 අවිය එම කදවුරට අයත් එකක් බවද හෙළිවී ඇත.