fbpx
තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍ය මුදල් ඇමතිව ගෙදර යවයි

    බ්‍රිතාන්‍ය මුදල් ඇමතිව ගෙදර යවයි

    බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් අද දින සිය මුදල් අමාත්‍ය ක්වාසි ක්වාටෙන්ග් එම ධූරයෙන් නෙරපා හැරියාය.

    මේවන විට බ්‍රිතාන්‍ය තුල නිර්මාණය වී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය විසින් මෙලෙස සිය මුදල් අමාත්‍යවරයාව ධුරයෙන් නෙරපා හැර තිබේ.

    ක්වාටෙන්ග් පැවසුවේ වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම්වලින් යලි පැමිණීමෙන් අනතුරුව අගමැතිනියගේ ඉල්ලීම පරිදි තමන් ඉල්ලා අස් වූ බවයි.

    ට්‍රස් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යධුරයට පත්ව තවමත් දින 37ක් පමණක් ගතවන අතර දැනටමත් ඇයට විශාල ජනතා විරෝධයක් එල්ල වී ඇත.

    ක්වාටෙන්ග් විසින් සැප්තැම්බර් 23 දින නව මූල්‍ය ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළ ඇති අතර, එහිදී අග්‍රාමාත්‍යවරියගේ මඟ පෙන්වීම යටතේ ධනවතුන්ට විශාල බදු කප්පාදුව සිදුකිරීම විශල ජන විරෝධයක් දක්වා වර්ධනය විය.

    මුදල් අමාත්‍යවරයාගේ මෙම තීරණයත් සමඟ වෙලඳපොලවලින් දැඩි ප්‍රතිචාර ලැබුණු අතර ණය ගැනීම් සහ උකස් කිරීමේ පිරිවැය ඉහළ යාමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය මධ්‍යම බැංකුව මැදිහත් වීමටද සිදු විය.

    මේත් සමඟ ට්‍රස් අග්‍රාමාත්‍යවරිට සිය

    කොන්සර්වේටිව් පක්ෂයෙන් ලැබුණු සහයෝගය බිඳ වැටී ඇති බවද මත විමසුම් වලින් අනාවරණය විය.

    ඒ අනුව මේවන විට බ්‍රිතාන්‍යයේ දැඩි උද්ධමනයක්ද නිර්මාණය වී ඇති අතර එය ඉදිරියේදී වර්ධනය වීමටද ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.