තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටු මන්ත්‍රිනිය මුරුත්තෙට්ටුවේ හිමිගේ ප්‍රාඩෝ එකට විදලා

    පොහොට්ටු මන්ත්‍රිනිය මුරුත්තෙට්ටුවේ හිමිගේ ප්‍රාඩෝ එකට විදලා

    නාරාහෙන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සතුව තිබූ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් ඇති ජීප්රථය සොරකම් කරන ලද්දේ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව නොවන බව උන්වහන්සේ පවසා තිබේ.

    කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර විසින් උන්වහන්සේගේ ප්‍රාඩෝ V8 වර්ගයේ සුපිරි ජිප් රථය හොර රහසේ විකුණා දමා ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කර ඇත.

    දායකයෙකුගෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ජීප් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේ ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය විසින් පසුව මුදල් ලබා දීමේ පදනමින් එය රැගෙන ගිය බව උන්වහන්සේ කියාසිටිති.

    එහෙත් ප්‍රියංකා ජයසේකර මන්ත්‍රීවරිය විසින් ජිප් රථයේ මුදල් ලබා නොදීම නිසා උන්වහන්සේ ඒ පිළිබද කළ සොයා බැලීමක දී එය විකුණා තිබූ බැවින් කොළඹ අපරාධ කොට්ඨාශය පැමිණිලි කිරීමට උන්වහන්සේ කටයුතු කර ඇත.

    එසේ පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර ඇතැයි ද උන්වහන්සේ පවසති.

    තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවක් යැයි ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශ කර තිබුණි.

    එහෙත් එම වංචාව කළේ අදාළ කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර බවත් ඇය තම විහාරස්ථානයේ දායිකාවක බවත් උන්වහන්සේ පෙන්වා දී ඇත.

    පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් පවසා ඇත්තේ තිළිණි ප‍්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බව ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img