තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටට තෙල් ගේන ආණ්ඩුවේ නියෝජිතවරිය ලෙසත් WTC සුරූපිනිය පෙනී සිටිමින් ඩොලරුත්...

    රටට තෙල් ගේන ආණ්ඩුවේ නියෝජිතවරිය ලෙසත් WTC සුරූපිනිය පෙනී සිටිමින් ඩොලරුත් එකතු කරල

    මෙරට අප්‍රකට ධන කුවේරයන් රැසක් රවටා රුපියල් බිලියන ගානක් වංචාකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටින තිලිණි ප්‍රියමාලි නැමැති වංචාකාරිනිය මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ නියෝජිතවරිය ලෙස පෙනී සිට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    ඉන්ධන ආනයනය කිරීමට යැයි කියා ඇය ඩොලර් වලින් ගණුදෙනු කරන ව්‍යාපාරිකයන් රැසකගෙන් ඩොලර් එකතුකරගෙන ඇති බවත් ආණ්ඩුව වෙනුවෙන් ඇය ඩොලර් රැස්කරන බව ඇය එහිදී ව්‍යාපාරිකයන් හමුවේ පෙනී සිට ඇති බවත් හෙළිවී ඇත.

    ඇය එසේ ඩොලර් රැස්කරගෙන ඇත්තේද ඉන්ධන මෙරටට රැගෙන පැමිණි පසු ඒවා අලෙවිකර රුපියල් වලින් පවතින ඩොලර් වටිනාකමට වඩා වැඩි මුදලක් ලබාදෙන බව කියාය.

    ඒ අතර ඇය තවත් ව්‍යාපාරිකයන් පිරිසක් රවටා ඇත්තේ එම ඩොලර් පෙන්වා පවතින වෙළද පොල වටිනාකමට වඩා අඩු රුපියල් ගණනකට එම ඩොලර් ලබාදෙන බව කියමිනි.

    ඇය ඉතා සැළසුම් සහගතව මෙම වංචාවේ නිරතව සිට ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් සමඟ කිට්ටු සම්බන්ධකම් පවත්වන බව පෙන්වමිනි. මෙම වංචාව ඇයට කරගෙන යාමට පහසුවක් වී ඇත්තේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යාම නිසා බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    අධිකරණ නියෝගයකින් අද බන්ධනාගාරයෙන් එළියට ගත් ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලය වෙත රැගෙනවිත් ඇත්තේ එකී මුදල් ගණුදෙනුවලට අදාල රහස්‍ය ලේඛන සහ පරිගණක කොටස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img