fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහල් කිලෝ මිලියනයක් වසර ගණනාවක් තිස්සේ කොළඹ වරායේ ගුල්ලෝ ගසලා

    සහල් කිලෝ මිලියනයක් වසර ගණනාවක් තිස්සේ කොළඹ වරායේ ගුල්ලෝ ගසලා

    විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්ව 79ක ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් මෙම කන්ටේනර් 79 රඳවාගෙන තිබී ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

    වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම සහල් කන්ටේනර් මුදා හැීමට තීරණය වී තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

    වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගී වි සිට ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා කොළඹ වරායේ ශ්‍රී ලංකා රේගුවට අයත් පරිශ්‍රවල සිදු කළ සංචාරයේ දී නිරීක්ෂණය කළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබි ඇත.

    කොළඹ වරායේ පවතින අධික තදබදය අවම කිරීමට සඳහා දැනට රේගුව මගින් එහි රඳවාගෙන සිටින කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදා හැරීමට මෙහි දී තීරණය කෙරුණු බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    මෙම කන්ටේනර්වල සහල්වලට අමතරව කරුංකා සහ කහ තොග විශාල වශයෙන් පවතින බවත් අදාළ කන්ටේනර් ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ මුදා හැරීමට කටයුතු කෙරෙනු ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

    ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේ දීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    photo – File Photo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.