fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහුංගල්ලේ වෙඩිතැබීම මත්කුඩු ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක

    අහුංගල්ලේ වෙඩිතැබීම මත්කුඩු ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක

    අහුංගල්ලේ ත්‍රීරෝද රථ නැවතුම් පොලකට මෝටර් රථයකින් කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයෙක් විසින් ටී 56 අවියකින් අද කළ වෙඩි තැබීම මත්කුඩු ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව පොලීසිය සැකකරයි.

    මෙම වෙඩි තැබීමෙන් 43 වියැති අයෙක් වෙඩි වැදීමට ලක්ව රෝහල්ගතකර තිබේ.

    වෙඩි තැබීම සිදුවනවාත් සමඟ ත්‍රීරෝද රථ රියදුරෙක් සිය සඟයාගේ ජීවිතය බේරා ගැනීමට ටී 56 අවිය අතැතිව සිටි පුද්ගලයාගේ ඇගට කඩා වැදී ඇති බවද පොලීසිය කියයයි. එහිදී ඔහුට ගිනි අවිය අතැතිව සිටි පුද්ගලයාව හසුවී නැති අතර ඔහු බැම වැටී ඇති බවත් එවිට වෙඩික්කරුගේ පාදයක් අල්ලාගෙන ඔහු දැඩි සටනක නරතවී තිබෙන බවත් පොලීසිය කියයි.

    වෙඩික්කරු එහිදී තමා අත වූ ටී 56 අවියයෙන් වෙඩි හය හතතක්ම තමාගේ පාදය අල්ලාගෙන සිටි පුද්ගලයාට තබා ඇති බවත් ඒ කිසිදු වෙඩිල්ලක් ඔහුට වැදී නැති බව පොලීසිය කියයි. එහිදී පාදය ගසා දමා ත්‍රීරෝද රථ රියදුරුගේ ග්‍රහණයෙන් මිදී වෙවික්කරු පැමිණි මෝටර් රථයේ නැගී පළාගොස් ඇත.

    මෙම සිදුවීම ඒ ආසන්නයේ ගොඩනැගිල්ලක සවිකර තිබුණු ආරක්ෂක කැමරාවක පැහැදිලිවම සටහන් වී තිබී ඇත. එම ආරක්ෂක කැමරා දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිවලින් මෝටර් රථයේ අංකය හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත. එම අංකය පිළියන්දල පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචිවී ඇති මෝටර් රථයක් බව අනාවරණය වූ බැවින් පොලිස් කණ්ඩායමක් ගාල්ලේ සිට පිළියන්දලට අද රාත්‍රියේ පැමිණ තිබුණි.

    අහුංගල්ල බෝපිටියේදී පසුගිය සැත්තැම්බර් 23 වෙනිදා රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එල්ලවුණු වෙඩි ප්‍රහාරය හා මෙම වෙඩි තැබීම අතර යම් සම්බන්ධයක් ඇතැයි ද පොලීසිය සැකකරයි. එම වෙඩි තැබීම සිදුව තිබුණේ බෝර 12 වර්ගයේ ගිනි අවියකිනි. එහිදී තුවාල ලැබුවේ අවුරුදු 24ක් සහ 29ක් වයසැති අහුංගල්ලේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. ඒ එක් අයෙක් අද වෙඩි වැදුණු පුද්ගලයෙකුගේ ඥාතියෙක් බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.