තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියක දූෂණය කළ වරදින් සාරුව ලියනගේ නිදොස් කොට නිදහස්

    දැරියක දූෂණය කළ වරදින් සාරුව ලියනගේ නිදොස් කොට නිදහස්

    බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

    අදාළ චෝදනාවලට වරදකරු කල සුනිල් 2020 වසරේ ජනවාරි මස 17 වනදා කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවමක්, 25000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ද විත්තිකරුට නියම විය.

    එහෙත් එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ සාරුව ලියනගේ සුනිල්, මහාධිකරණය මගින් තමන්ව වරදකරු කර ඇත්තේ අතවරයට ලක්වූ බව කියන දැරිය විසින් ළමාරක්ෂක අධිකාරියට ලබාදුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් බව ප්‍රකාශ කර ඇත.

    එම වීඩියෝ සාක්ෂිවලින් සඳහන් වු කරුණු වෙනත් ස්වාධීන සාක්ෂිවලින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

    එම අභියාචනා පෙත්සම පිළිබඳව විභාගයක් පවත්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල විත්තිකරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට පී.කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ලබා දුනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img