පසුගිය 5 වැනිදා සිට දුරකථන සමාගම් විසින් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි.
ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් විසින් කළ කරුණු දැක්වීම අනුව මෙම තීරණය ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.
ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම්වලට අවසර නොදුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා කීය
සියයට 2.6 න් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම හේතුවෙන් ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් පියවර ගෙන තිබුණි.