තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකු අධිපති පිරිසක් එක්ක අමෙරිකාවට ගිහින් කරන්න යන දේ..

    මහබැංකු අධිපති පිරිසක් එක්ක අමෙරිකාවට ගිහින් කරන්න යන දේ..

    අමෙරිකාවේ වොෂිංග්ටන් ඩී.සී.හිදී අද ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමුළුව අතරතුර දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය තවදුරටත් ලබා ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ශෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට එක්ව සිටිති.

    අද ආරම්භ වූ මෙම සමුළුව ලබන 16 දක්වා පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img