fbpx
තවත්
    මුල් පිටුවspecialසූර්‍යාලොකයෙන් පමණක් විදුලිය නිපදවන ඉන්දියාවේ සූර්‍ය විහාර ගම්මානය

    සූර්‍යාලොකයෙන් පමණක් විදුලිය නිපදවන ඉන්දියාවේ සූර්‍ය විහාර ගම්මානය

    දවසේ පැය 24 පුරා අඛණ්ඩව සූර්ය බලයෙන් පමණක් විදුලි නිෂ්පාද කරන ඉන්දියාවේ ප්‍රථම ගම්මාන ලෙස ගුජරාට් ප්‍රාන්තයේ මොදේරා ගම්මනය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    සුප්‍රසිද්ධ සූර්ය විහාරයද පිහිටා ඇති මෝදේරා ගම්මානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝදි පැවසුවේ, ලෝකයේ මිනිසුන් සූර්ය බලශක්තිය ගැන සාකච්ඡා කරන සෑම විටම මෙම ගම්මානය එහි ඇතුළත් වනු ඇති බව පවසමිනි.

    මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් අතර හවුල්කාරිත්වය තුළින් මෝදර සූර්ය කෝවිල සහ නගරයේ සූර්යාලෝකය ක්‍රියාත්මක කිරීම ඊයේ සිදු විය.

    සූර්ය කෝවිලේ සිට කිලෝමීටර 6 ක් පමණ දුරින් මෙහ්සානා හි සුජ්ජන්පුර හි බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) සමඟ ගම්මානය ඒකාබද්ධ කර ඇත.

    විදුලි උත්පාදනය සඳහා නිවාසවල වහල මත සූර්ය පද්ධති 1,300 කට වඩා සවි කර ඇත. දිවා කාලයේ විදුලිය සූර්ය පැනල වලින් ලැබෙන අතර රාත්‍රියේදී එය BESS වෙතින් සපයනු ලැබේ.

    සූර්ය බලය පදනම් කරගත් නවීන විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානයක් ඇති පළමු නවීන ගම්මානය වන්නේද මෝදේරාය.

    “රජය විදුලිය නිපදවන අතර ජනතාව එය මිලදී ගනී. නමුත් අපට අවශ්‍ය වන්නේ මිනිසුන් බලය නිෂ්පාදකයන් වීමයි. විදුලිය සඳහා ගෙවන්න එපා; එය විකුණා ඒ වෙනුවට එයින් උපයන්න,” ඔහු ඉල්ලා සිටියේය.

    “මෝදේරා ජනතාව විදුලි පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් වේ. රජය අතිරේක විදුලිය මිලදී ගනිමින් සිටී. එවැනි සාර්ථක ප්‍රයත්නයන් රට පුරා ප්‍රතිනිර්මාණය කළ යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඉන්දියාවේ සුප්‍රකට සූර්ය මන්දිරය ලෙස ද හැඳින්වෙන සූර්ය විහාරය
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.