තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අතුරුදන්

    පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අතුරුදන්

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටින තෙවන වසරේ සිසුවෙක් ඊයේ සිට අතුරුදන්ව සිටියි.

    එම සිසුවා විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටියෙකි. ඔහු ලිපියක් ලියා තබා අතුරුදන්ව ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි. එම ලිපියෙහි ඔහු දක්වා ඇත්තේ “පීඩනය වැඩියි“ යනුවෙන් යැයි සඳහන්ය.

    පොලීසිය පැවසුවේ පෙම් පලහිලව්වක්ද මෙයට බලපා ඇති බවට තොරතුරු ලැබෙමින් ඇති බවය. එම සිසුවා සිය මවටද දුරකතනයෙන් කථාකර ඇති බවද සඳහන්ය. මේ ගැන කළ විමසුමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන්කරනු ලැබුවේ එස්.එම්.එස්. පණිවුඩක් මවට යොමුකර ඇති බවත් මව මේ වන විට පේරාදෙණිය පොලීසියට පැමිණෙමින් ඇති බවත් ඇය යම් ප්‍රකාශයක් ඒ ගැන ලබාදුන් පසු එම එස්.එම්.එස්. පණිවුඩය ගැන කරුණු අනාවරණය වනු ඇති බවත්ය.

    මෙසේ අතුරුදන්ව සිටින සිසුවා ගනේමුල්ලේ පදිංචිකරුවෙකි.

    පොලීසිය පවසන්නේ ගෙවී ගිය මාස තුනක කාලය තුළ මෙම පීඨයේත් කලා පීඨයේත් සිසුන් දෙදෙනෙක් පීඩනය දරා ගැනීමට
    නොහැකි යැයි ලියාතබා අතුරුදන් වූ බවත් ඒ අයගේ මළ සිරුරු මහවැලි ගඟෙන් පසුව හමුවූ බවත්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img