fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්තෙලෙන් ලබන ලාභය ඉහළට

    තෙලෙන් ලබන ලාභය ඉහළට

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 33.62 කි.

    පෙට්‍රල් වලින් ඉහළ ලාභයක් ලැබුවද ඔටෝ ඩීසල් ලීටරයකින් ලබන්නේ යැයි අමාත්‍යවරයා පවසන්නේ රුපියල් 1.55 කි. එහෙත් ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ලාභයක් උපයයි.

    මෙම ඉන්ධන වලින් ලාභයක් ලැබුවද අමාත්‍යවරයා පවසන්නේ භූමිතෙල් ලීටරයකින් රුපියල් 30.62 ක පාඩුවක් ලබන බවය.

    මෙසේ පෙට්‍රල්වලින් ලාභයක් සංස්ථාව උපයන්නේ පෙට්‍රල් මිල පහල දැමීමෙන් අනතුරුවය. එසේම මෙම ලාභය ගණනයකර ඇත්තේ බදු වලින් පසු ලාභය ලෙසිනි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.