fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොහොබිනා වැඩකට සරසවි සිසුවිය රැගෙන යන්න හැදූ පොලිස් සැරයන්ව ගස් බදී

    නොහොබිනා වැඩකට සරසවි සිසුවිය රැගෙන යන්න හැදූ පොලිස් සැරයන්ව ගස් බදී

    බස් රථයක් පැමිණෙන තුරු මහ මඟ රැදී සිටි විශ්ව විද්‍යාල සිසුවියක් බලහත්කාරයෙන් සිය යතුරු පැදියේ නන්වාගෙන අමුතු වැඩකට රැගෙන යන්නට හැදූ පොලිස් නිලධාරියෙකුව ගම්වැසියන් පිරිසක් විසින් අල්ලා ගස් බැද පොලීසියට භාරදී තිබේ.

    මෙම සිදුවීම වී ඇත්තේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේ දේවාල හංදිය ප්‍රදේශයේදීය.

    නිකවැරටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයා රාත්‍රී රාජකාරි නිමවී නිවස බලා යමින් සිටියදී බස් නැවතුම් පොලේ සිටි සරසවි සිසුවියට බැල්ම දමමින් ඇයව යතුරු පැදියේ නන්වාගෙන යන්නට කිහිප විටක්ම උත්සහ දරා ඇත. එහිදී ඇය කෑ ගසා ඇති බවත් ඒ හඩ ඇසී අසල වෙළද සැලක සිටි පිරිසක් දුවගෙන විත් සිවිල් ඇදුමින් සිටි සැරයන්වරයාව අල්ලා ගස්බැද පොලීසියට භාරදී තිබේ.

    මෙම නිලධාරියා කාන්තාවන් පෙන්වන්නට බැරි චරිතයක් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.කලක් ඔහු රථවාහන අංශයේ සේවය කර ඇති අතර එහිදී කාන්තාවන් ධාවනයකරන යතුරු පැදි අල්ලාගෙන කාන්තාවන්ට අයුතු යෝජනාකර ඇති බවද අනාවරණය වෙමින් තිබේ. ඒ හේතුව නිසාම ඔහුව රථවාහන රාජකාරිවලින් ඉවත්කර සාමාන්‍ය පොලිස් සේවයේ යොදවා තිබී ඇති බවද සඳහන්ය.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේය. නිකවැරටිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.