තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තඹුත්තේගම බැංකු කොල්ලයට අත්අඩංගුවට ගත් මන්ත්‍රී පොහොට්ටුවෙන් දොට්ට

    තඹුත්තේගම බැංකු කොල්ලයට අත්අඩංගුවට ගත් මන්ත්‍රී පොහොට්ටුවෙන් දොට්ට

    තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක මුදල් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග මහේෂ් සූරියආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

    එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

    කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් බවට අනාවරණය වීමත් සමඟ මුදල් මංකොල්ලයට ආධාර අනුබල දීම ඔහුට එල්ල වූ චෝදනා විය.

    තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයෙක් ගෙනආ රුපියල් ලක්ෂ 223 ක මුදලක් කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් මංකොල්ලකෑමට ආ අවස්ථාවේදී පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා එම ස්ථානයට පැමිණ එම මංකොල්ලය ව්‍යර්ථ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img