fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් දරුවන්ට ආහාර වේලක් වැඩසටහන ක්‍රියාත්මකයි

    පාසල් දරුවන්ට ආහාර වේලක් වැඩසටහන ක්‍රියාත්මකයි

    පාසල් පද්ධතියෙන් 78% ක සිසුන්ට මේ වනවිට ආහාර වේලක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා සඳහන් කළේ, ඒ අනුව පාසල් 7925 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

    සෙසු පාසල්වල ද පෞද්ගලික අංශයේ දායකත්වයෙන් පෝෂණ වැඩසටහන් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

    පාසල් සිසුන් නිවසින් රැගෙන ආහාර වේලේ පෝෂ්‍ය ගුණය පිළිබඳ අධීක්ෂණය කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් දී ඇති බව ද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.