fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවට අකුණු මාරකයක්

    ඉන්දියාවට අකුණු මාරකයක්

    උතුරු ඉන්දියාවේ ගතවූ පැය විසිහතරක කාලය තුලදී පමණක් අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 12 මරණයට පත්ව ඇත.

    මේ වන විට උතුරු ඉන්දියාවට දැඩි
    අනතුරුදායක කාලගුණ තත්ත්වයක් බලපා ඇති අතර ඒ හේතුවෙන් පඅවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.

    ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය පුරා, නොනවතින වර්ෂාව මධ්‍යයේ නිවාස කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගිය බවද සහන කොමසාරිස් රන්විර් ප්‍රසාද් පැවසීය.

    මේ අතර 15 හැවිරිදි මොහොමඩ් උස්මාන් සිකුරාදා සවස ප්‍රයග්‍රාජ් නගරයේ ඔහුගේ මිතුරෙකුගේ වහලය මත සිටියදී අකුණු සැර වැදී ඔහු ක්ෂණිකව මිය ගියේය. එමෙන්ම ඔහුගේ මිතුරෙකු ද එහිදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    උස්මාන්ගේ පියා වන මොහොමඩ් අයුබ් පැවසුවේ “ඒ අය වහලයට නැග්ග ගමන්ම එක පාරටම අකුණු සැර වැදී නිසාමගේ පුතා මිය ගියා.” යනුවෙනි.

    පසුගිය දින පහ තුළ ප්‍රාන්තයේ පුද්ගලයින් 39 දෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇති බව නිලධාරීහු පැවසූ අතර, ගිගුරුම් සහිත කුණාටුවකදී මිනිසුන්ට ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලධාරීන් පොළඹවා ඇත.

    ජූනි සිට සැප්තැම්බර් දක්වා වූ ඉන්දියාවේ මෝසම් සමයේදී අකුණු සැර වැදීම සුලභ වේ.

    ඒ අනුව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන කර්නල් සංජය ශ්‍රීවාස්තාවා පැවසුවේ වන විනාශය සහ පරිසර දූෂණය යන කරුණු දේශගුණික විපර්යාසවලට දායක වන අතර එමඟින් වැඩි අකුණු ඇති වන බවයි.

    ගෝලීය උණුසුම ඉහළ යාම නිසා අකුණු ඇතිවීමේ වාර ගණන ද ඉහළ ගොස් ඇති බව විද්‍යා හා පරිසර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුනීතා නාරේන් මහත්මිය පැවසයි. සෙල්සියස් අංශක 1 (අංශක 1.8 ෆැරන්හයිට්) උෂ්ණත්වය ඉහළ යාම අකුණු සැර 12 ගුණයකින් වැඩි කරන බවද ඇය පෙන්වා දෙයි.

    ඒ අනුව පසුගිය වසර තුළ ඉන්දියාව පුරා අකුණු සැර වැදීමේ 34% කින් ඉහළ ගොස් ඇති අතර එය මරණ ද ඉහළ යාමට හේතු වී තිබේ. 2016 වසරේ ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් මරණ 1,489 ක් වාර්තා වූ අතර, 2021 දී එම සංඛ්‍යාව 2,869 දක්වා වර්ධනය වූ බව ශ්‍රීවාස්තාවා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.