fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹදී තරුණ විරෝධයකට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්

    කොළඹදී තරුණ විරෝධයකට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්

    සමාජවාදී තරුණ සංගමය විසින් මේ වනවිට පවත්වනු ලබන විරෝධතා පා ගමනක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

    ඒ මරදාන ඩීන්ස් පාර ප්‍රදේශය, ලිප්ටන් වටරවුම අවට රැස්ව සිටි විරෝධතාකරුවන් අවහිර කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ එම වටරවුම අසල නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබුණි.

    කඳුළු ගෑස් එල්ල කෙරුණේ ඉන් අනතුරුවයි.

    අරගලයට නව ජවයක්, මර්දනයට එරෙහිව, කොළඹ විශාල ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව යනාදී තේමා පාඨ ඔස්සේ මෙම විරෝධතාව සංවිධාන කර ඇති බව වාර්තා වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.