fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වී මිලටගන්න ගොවි අරමුදලෙන් - රක්ෂණයෙන් සල්ලි ගනියි

    වී මිලටගන්න ගොවි අරමුදලෙන් – රක්ෂණයෙන් සල්ලි ගනියි

    යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ‍ගොවි භාර අරමුදලෙන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 500 ක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, රෝහණ පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි.

    ඒ අනුව ගොවි භාර අරමුදලෙන් රුපියල් මිලියන 200 ක් ලබා ගැනීමට නියමිතයි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන්ද රුපියල් මිලියන 300 ක් ලබා ගැනීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළේ ය.

    මෙම මුදල වී අලෙවි මණ්ඩලයට ණයක් ලෙස ලබා දෙනු ඇත.

    ලේකම්වරයා පැවසුවේ, මෙම මුදල් ලැබීමත් සමග යළ කන්නයේ වී මිල දී ගැනීම යළි ආරම්භ කළ හැකි බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.