fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විද්‍යුත් මාධ්‍යවලට අලුත් නීති එයි

    විද්‍යුත් මාධ්‍යවලට අලුත් නීති එයි

    මහජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා වන යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී, ගුවන්විදුලි හා නව මාධ්‍යයන්හි අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා දැනට මූලික නීතියක් නොමැති වීම හේතුවෙන් එවැනි මාධ්‍යයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය අන්තර්ගතයන් විකාශන‍ය කිරීමේදී ඇතැම් විට විවිධ පාර්ශ්වයන්ට නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත.

    ඇතැම් මාධ්‍යයන් සදාචාර විරෝධී අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලු මතුව තිබේ.

    එබැවින්, භාෂණයේ සහ ප්‍රකාශනයේ උපරිම නිදහස ආරක්ෂා කරමින් තාක්ෂණික මෙන්ම නෛතික ක්ෂේත්‍රයන්හි දැනට සිදුවෙමින් පවතින වෙනස්කම් ද සැලකිල්ලට ගනිමින්, නව විකාශන නීතියක් හඳුන්වා දීම පිණිස ජනමාධ්‍ය ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.