තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ඇමති චාමර සම්පත්ට බදුල්ලේදී හෙල්මට් ප්‍රහාරයක්

    රාජ්‍ය ඇමති චාමර සම්පත්ට බදුල්ලේදී හෙල්මට් ප්‍රහාරයක්

    ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල බණ්ඩාරනායක මාවතේදී ඊයේ සවස පුද්ගලයින් දෙදෙනෙක් බැන බැදී යතුරු පැදි හිස් ආවරණයකින් පහරදී ඇත.

    මෙම පහරදීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට අයත් වෙළද සැලක් අසල සිය රථය නතරකර කථාබහ කරමින් සිටියදීය.

    මෙම පහරමේන් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැත. එම අවස්ථාවේදී ඇමතිආරක්ෂකයින්ද එහි සිට ඇත. ඔවුන් සිය බලය යොදා දෙවැනි ප්‍රහාරය එල්ලකිරීම වලක්වා තිබේ.

    රාජ්‍ය ඇමතිවරයාට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img