fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 85ක් මහා මුහුදේදී අල්ලයි

    ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 85ක් මහා මුහුදේදී අල්ලයි

    ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ අළුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ

    මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 85 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    එම පිරිස මඩකලපුව වෙරළේ සිට රැගෙන ගොස් මහ මුහුදේ නතරකර තිබුණු ට්‍රෝලරයට පැයවීමට යොදාගත් ටිංගි බෝට්ටු 10 කින් පහක් පොලිස් විශේෂ

    කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත. ඒ සැකකරුවන් 05ක්ද සමගිනි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර

    සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බව නාවික හමුදාව සඳහන් කරයි.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව මගින් මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ

    මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ අළුයම නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ.

    එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන යාත්‍රවේ

    ක්‍රියාකරුවන්ද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් හැට දෙනෙකු (60), කාත්තාවන් දහහතර දෙනෙකු (14) සහ වයස අවුරුදු 18 ට අඩු එකළොස්

    දෙනෙකු (11) ඇතුළු පුද්ගලයන් 85 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව සදහන් කළේය.

    මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස මඩකලපුව, ත්‍රීකුණාමලය, මූතූර්, කිලිනොච්චිය, යාපනය සහ මඩු යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට

    හඳුනා ගන්නා ලදි. එමෙන්ම එම පිරිස සහ බහුදින ධීවර යාත්‍රාව මේ වන විට ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා

    ත්‍රීකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.