fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්කෑන් කාමරයේදී දැරියකට බරපතළ අපයෝජනයක් කළ කරාපිටියේ දොස්තර අත්අඩංගුවට

    ස්කෑන් කාමරයේදී දැරියකට බරපතළ අපයෝජනයක් කළ කරාපිටියේ දොස්තර අත්අඩංගුවට

    කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 වැයැති දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන වෛද්‍යවරයා අද ගාල්ල පොලීෂියට පැමිණ භාරවී තිබේ.

    එසේ භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    රෝහලේ ස්කෑන් කාමරය තුළදී එම දැරිවිය එම වෛද්‍යවරයා අතින් අපයෝජනයට ලක්ව ඇති බව දැරිවියගේ මව විසින් කළ පැමිණිල්ලෙහි සඳහන්ය.

    මෙම අපරාධය සිදුව ඇතැයි පැවසෙන්නේ ඉකුත් 08 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු අද දක්වා දින කිහිපයක් මුළුල්ලේම සිටියේ සැඟවීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.