fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැපුවා නිව්ගීනියාවෙන් සොරාගත් වාලම්පුරියක් රුපියල් කෝටියකට විකුණන්න හැදූ අයෙක් කොටුවේ

    පැපුවා නිව්ගීනියාවෙන් සොරාගත් වාලම්පුරියක් රුපියල් කෝටියකට විකුණන්න හැදූ අයෙක් කොටුවේ

    පැපුවා නිව්ගීනියාවෙන් සොරාගෙන විත් රුපියල් කෝටියකට අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීමක් කරමින් මෙම වාලම්පුරිය සොයාගෙන ඇත්තේ ඊයේය.

    උපාය දූතයකු යොදවා දුරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවි කිරීමට තැත් කල පුද්ගලයා සම්බන්ධ කර ගනිමින් අම්පාරට ඔහුව ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීම කර තිබේ.

    එම සැකකරු ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වයසැති අයෙකි.
    මෙම පුද්ගලයාගෙන් වාලම්පුරිය සම්බන්ධයෙන් සිදු කල ප්‍රශ්න කිරීමේ දී මෙම වාලම්පුරිය ඔහු සේවය කල පැපුවා නිව් ගිනියාව රටේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළදසැලකින් සොරාගෙන ගුවන් මගින් ශ්‍රී ලංකාව වෙත පැමිණ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේද නීතියේ ඇසට වැලි ගසමින් මෙම වාලම්පුරිය රැගෙන ආ බවට කරුණු අනාවරණය කරගන්නා ලදැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.