තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් නැතුව දවස ගානේ ෂෙඩ් වැහෙන කතා බොරු - සිපෙට්කෝ

    තෙල් නැතුව දවස ගානේ ෂෙඩ් වැහෙන කතා බොරු – සිපෙට්කෝ

    දෛනිකව ඉන්ධනහල් 300ක් පමණ ඉන්ධන නොමැතිව වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවද එම සංස්ථාව පෙන්වා දෙයි.

    පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වනපරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් මෙලෙස විධිමත්ව ඉන්ධන තොර බෙදාහැරේ.

    කෙසේවෙතත් මේ වනවිට දෛනිකව ඉන්ධනහල් වෙත බෙදාහරින තොග ඉන්ධන හිඟ කාලයට සාපේක්ෂව ඉහළ අගයක් බවද එම ආයතනය පෙන්වා දෙයි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img