fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි නීතිය මේ සතියේ ඉවරයි - ශ්‍රී ලංකාවට ඩයස්පෝරා කාර්‍යාලයක්!

    හදිසි නීතිය මේ සතියේ ඉවරයි – ශ්‍රී ලංකාවට ඩයස්පෝරා කාර්‍යාලයක්!

    දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළකරයි.

    මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වාදෙයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ අද වනවිට රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත්‍ ය.

    ඊට අමතරව ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු ඇමති ජෝන් අමරතුංග, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සභාපති දුලිත පෙරේරා, ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.