fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්වෙන කාලය ගැන මැකොස කියයි

    පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්වෙන කාලය ගැන මැකොස කියයි

    පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස හය තුළ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

    නිල කාලය අවසන් වීමට මාස හයකට පෙර සිට ම මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බලය හිමිවන බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

    ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදායින් පසුව ලබන වසරේ මාර්තු 20 වැනිදා දක්වා වන මාස 6 ඇතුළත දී අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස විසි වෙනිදා වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබුණ ද පළාත් පාලන විෂය භාර ඇමති තුමාගේ මැදිහත් වීමෙන් ඒ වසරක කාලයකට දීර්ඝ කිරීමට පියවර ගත්තේය.

    එහෙත් තවදුරටත් එම ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට විෂය භාර ඇමතිවරයාට බලයක් හිමි නොවන හෙයින් මාස හයක් තුළ පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවද මැතිවරණ කොමිසම කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.