fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපයන ඩොලර් ඔක්කොම රුපියල් කරන්න ඕන නීතිය ඉවතට

    උපයන ඩොලර් ඔක්කොම රුපියල් කරන්න ඕන නීතිය ඉවතට

    ශ්‍රී ලංකාවේ සමාගම් අපනයනය කරන භාණ්ඩවලින් උපයන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පනවා තිබූ නීතිය ඉවත් කර තිබේ.

    අපනයන මත ලබන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට වන නීතිය පනවනු ලැබුවේ රටේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස බවද මහ බැංකුව සඳහන් කළේය.

    එහෙත් එම නීතිය හේතුවෙන් අපනයන සමාගම් බලවත් ලෙස අසීරුතාවයට පත්වන බවට චෝදනා කරමින් අපනයන සමාගම් ඊට විරෝධයක් දැක්වීය.

    මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම, භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට තමන් උපයන ඩොලර් ප්‍රමාණයක් ළඟ තබා ගත යුතු යැයි අපනයන සමාගම් පෙන්වා දුන්නේ ය.

    ඉකුත් 12 වැනි දා සිට මහ බැංකුව පනවා තිබූ එම නීතිය අද(16) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.