fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල 75%කින් නගී - ලංවිමට බෝනස් අත්හිටුවයි

    විදුලි බිල 75%කින් නගී – ලංවිමට බෝනස් අත්හිටුවයි

    හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 75 කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

    එහි සභාපති ජානක රත්නායක මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව නිවේදනය කළේය.

    භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව විදුලි බිල වැඩිවීම සිදුවන්නේ මෙසේය.

    ඒකක 30 ට අඩු: 264%
    ඒකක 31-60: 200%
    ඒකක 61-90 : 125%
    ඒකක 91-120: 89%
    ඒකක 121-180: 79%

    මේ අතර මුල්‍ය ස්ථාවරත්වයත් සැකසෙන තෙක් ලංකා විදුලිබල මණ්ඩලයට බෝනස් ගෙවීම අත්හිටුවීමට උපදෙස් දුන් බව ද හෙතෙම කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.