fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල ගාස්තුවටත් සංශෝධනයක්

    ජල ගාස්තුවටත් සංශෝධනයක්

    ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායීතාවය තහවුරු කිරීම සහ ජනතාවට අඛණ්ඩව හා බාධාවකින් තොරව ජල සේවා සැපයීම පිණිස ගාස්තු සංශෝධනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති බව අමාත්‍යාංශය කැබිනට් රැස්වීමේදී දන්වා ඇත.

    ඒ අනුව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය සහ ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන අයුරින් දැනට අය කරනු ලබන ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීමට ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.