fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එස්.ටී.එෆ් එකට ගිනිඅවි පෙන්වන්නට ගිය පාතාල අපරාධකරු ගල්වලකට වැටී මරුට

    එස්.ටී.එෆ් එකට ගිනිඅවි පෙන්වන්නට ගිය පාතාල අපරාධකරු ගල්වලකට වැටී මරුට

    ඉන්දියාවේදී අනියම් බිරිඳගේ සැළසුමකට අනුව ඝාතනය වූ අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සිටි වෙඩික්කරුවෙනක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හසුවී ගිනි අවි පෙන්වන්නට ගොස් කඩුවෙල වැයික්කිය වත්තේ ගල්වලකට වැටී මරුමුවට පත්ව ඇත.

    විශේෂ කාර්ය බලකාය පවසන්නේ අත්අඩංගුවෙන් මිදී පළායන විට ඔහු එසේ ගල්වලට වැටී මිය ගිය බවය.

    එහිදි ඔහු විශේෂ කාර්ය බලකා සෙබලු සමඟ පොර බදා ඇති බවත් විශේෂ කාර්ය බලකා සෙබලුන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    මෙම අපරාධකරු කඩවත ඉහළ බියන්විල පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.