fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල්, ගෑස් අඛණ්ඩව.. අවුරුදු ගණන් ඕන නෑ.. වසර 2න් රට ගොඩගමු

    තෙල්, ගෑස් අඛණ්ඩව.. අවුරුදු ගණන් ඕන නෑ.. වසර 2න් රට ගොඩගමු

    ගෑස්, ඩීසල් අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ලබන 21 දා සිට ප්‍රෙට්‍රල් දිගටම සැපයීමට ද හැකියාව ලැබෙන බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළයාමත් සමඟ එම වාසිය ජනතාවට ලබාදීමට ඉන්ධන මිල ද පහළ දැමූ බව ද හෙතෙම කීය.

    අද දිනයේදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ගොවි ණය අහෝසි කර දැමීමට ද තමා වැඩබාරගත් පසුව වහාන පියවර ගත් බවයි.

    එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ සියලු කටයුුතු හමාර කිරීම තම අරමුණක් බවත් හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට තමා කටයුතු කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.