තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයජාත්‍යන්තර ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය වෙනුවෙන් අමේනියාවට ගිය අපේ දරුවෝ

    ජාත්‍යන්තර ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය වෙනුවෙන් අමේනියාවට ගිය අපේ දරුවෝ

    ජ්‍යාතන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය (IBO) ලෝකයේ පවත්වනු ලබන අන්තර්ජාතික වශයෙන් ප්‍රමිතිගත තරගාවලියකි.ලෝකයේ වයස අවුරුදු විස්සට නොවැඩි දක්ෂතම සිසුන් එකම බිමක කිරුළ වෙනුවෙන් තරගවදින මෙම තරගාවලිය දෙස ලෝකයේ සියලු දෙනා අවධානයෙන් පසුවෙති.

    1990 වසරේ චෙකොස්ලොවැකියාවේදී ආරම්භ කරන ලද මෙම ජ්‍යාතන්තර ප්‍රමිතිගත තරගාවලිය සඳහා මෙවරද ශ්‍රී ලාංකික දුවා දරුවන් සිව් දෙනකු තේරී පත්වීම රටක් ලෙස අප ලැබූ අභිමානනීය අවස්ථාවකි.ජීව විද්‍යා විෂය සඳහා ප්‍රවීණත්වයක් දක්වන සිසුන් එක් තැන්කොට විෂය සඳහා ලෝකය පුරා දුවා දරුවන් උනන්දු කිරීම සහ ඇගයීමට ලක් කිරීම මෙම තරගාවලියේ ප්‍රමුඛ අරමුණ බවට පත්වෙයි.

    ලෝකයේ අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන විශේෂිත රටක් මෙම තරගාවලිය සඳහා සද්කාරක රට ලෙස ඔලිම්පියාඩ් කමිටුව විසින් නම් කරනු ලබයි.මෙවර   ජ්‍යාතන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා සද්කාරක රට ලෙස නම් කොට ඇත්තේ ආර්මේනියා රාජ්‍යයයි.ලෝකය පුරා දුවා දරුවන් සඳහා වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන විශ්ව විද්‍යාල රැසක් පිහිටුවා ඇති ආර්මේනියාව ලෝකයේ වෛද්‍ය ක්ශේත්‍රයට නව නිපැයුම් රැසක් දායාද කළ සංවර්ධිත රටකි.

    මෙවර ආර්මේනියාවේ යරේවන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන කණ්ඩායම සිවු දෙනකු වන අතර ජූරි සභිකයන් ලෙස මහාචාර්යවරුන් දෙදෙනකු මේ සඳහා සහභාගි වෙති.

    ශ්‍රී ලංකාවේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබූ දරුවන් අතර ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය විසින් සංවිධානයකොට පැවැත්වූ තරාගාවලියෙන් අනතුරුව ජ්‍යාතන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙම සිසුන් තෝරා ගැනීම සිදු කොට ඇත.

    මෙම තරගාවලිය සඳහා මෙවර බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ ප්‍රවීන් තෙන්නකොන් ,මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිළුනි වික්‍රමතිලක, කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කාර්තික් ප්‍රවීන් සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ.හර්ෂන් යන දුවා දරුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්මේනියාව බලා පිටත්ව යාමට නියමිතය.

    මෙම තරගාවලියේ විශේෂ ජූරි සභිකයන් ලෙස මහාචාර්ය  හිරාන් අමරසේකර සහ සම්මානිත මහාචාර්ය එම්.ජයන්ත විජේරත්න යන මහත්වරුන් සහභාගි වෙති.

    ශ්‍රී ලංකාව අර්බුදකාරී ව්ටපිටාවක පවතින මොහොතක මෙවැනි ජාත්‍යන්තර ප්‍රමිතිගත මෙන්ම ලෝකයම අවධානයෙන් බලා සිටින තරගාවලියක් සඳහා ශ්‍රී ලාංකික දුවා දරුවන් තේරීපත්වීම රටක් ලෙස ගත් කල ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයකි.

    ක්‍රීඩාව ඇතුළු විවිධ  ක්ශේත්‍රයන්හි ශ්‍රී ලාංකිකයන් දස්කම් දක්වන මෙවැනි මොහොතක අධ්‍යාපන ක්ශේත්‍රයේ ලොව ප්‍රකට තරගාවලියක් නියෝජනය කිරීමට අප රටෙහි දරුවන් සමත්වීම රටක් ලෙස අප සතුටට පත්විය හැකි කරුණක් බව මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පෙන්වා දෙයි.

    මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය දක්වනු ලබන QIB විශ්ව විද්‍යාලට ඒ මහතා ස්තූතිය පුදකර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img