තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහනයක් තුළ සිරවී හොරෙන් පනින්න ගිය සංක්‍රමණිකයන් 44ක් මරුට

    වාහනයක් තුළ සිරවී හොරෙන් පනින්න ගිය සංක්‍රමණිකයන් 44ක් මරුට

    එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ සිදුවන මිනිස් ජාවාරමේ මෑත කාලීනව වූ වඩාත්ම ඛේදජනක සිදුවීමක් ලෙස ටෙක්සාස් හි ඊයේ සැන් අන්තෝනියෝ හිදී ට්‍රැක්ටර් ට්‍රේලරයක් තුළ සංක්‍රමණිකයන් 42 දෙනෙකු මියයාමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    දරුවන් 4 දෙනකු ඇතුළු 16 දෙනකු රෝහල්ගත කර ඇති අතර මියගිය සංඛ්‍යාව තවත් වැඩිවීමට ඉඩ ඇතැයි ද බලධාරීන් පවසා තිබේ.

    එරට වාර්තා පෙන්වා දෙන්නේ එම වාහනයේ අඩුම තරමින් 100 දෙනකුවත් ගමන් ගන්නට ඇතැයි පෙනී යන බවයි.

    ට්‍රක් රථය සැන් අන්තෝනියෝ නගරයේ දකුණු මායිමේ දුරස්ථ ප්‍රදේශයක දුම්රිය මාර්ග අසල තිබී හමු වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img