තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝලීය සංවර්ධන සහයෝගිතා තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

    ගෝලීය සංවර්ධන සහයෝගිතා තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

    විවිධ විපර්යාසයන්ට සහ වසංගතයකට මුහුණ දෙන වත්මන් ලෝකයේ ආර්ථික ගෝලීයකරණය පසුබැසීම නිසා එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට දැඩි අභියෝග පවතින බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කියාසිටී. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (17) පැවති 25 වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි. වත්මන් ජගත් ප්‍රජාව වඩාත් සාධාරණ, තිරසර සහ සුරක්ෂිත සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා උනන්දු විය යුතුය. අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අභියෝගවලට සෘජුව මුහුණ දිය යුතු අතර, ගෝලීය සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට යොමුවිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

    යහපත් පරිසරයක් නිර්මාණය කරමින් සංවර්ධන හවුල්කාරිත්ව ශක්තිමත් කළ යුතු අතර, ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය වේ. එසේම නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධන ක්‍රමයක් අනුගමනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

    ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව, දැවැන්ත සැඟවුණු හැකියා සහ දිගුකාලීන තිරසරභාවය යන චීන ආර්ථිකයේ මූලික තත්ත්ව වෙනස් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    රුසියාව ඇතුළු ලෝකයේ ඒ ඒ රටවල් සමඟ සංවර්ධන අවස්ථා පොදුවේ බෙදා ගනිමින්, ගෝලීය සංවර්ධන සහයෝගිතා තහවුරු කිරීමට හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට චීනය සූදානමින් සිටින බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. 

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img