fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති - ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

    ජනපති – ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අනිද්දා (20) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව ඇත.

    21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව මෙන්ම මතුව තිබෙන අර්බුද හමුවේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇතැයි වාර්තාවේ.

    එමෙන්ම මේවනතුරු කිසිදු වගකීමක් පවරා නැති මන්ත්‍රීවරුන් තමන්ට කුමක්හෝ වගකීමක් පවරන ලෙසට මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බළාපොරොත්තු වන බවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.