fbpx
තවත්
    මුල් පිටුවspecialචීනයෙන් කාන්තාරකරණය පාලනයට සාර්ථක පියවර

    චීනයෙන් කාන්තාරකරණය පාලනයට සාර්ථක පියවර

    අද (17) කාන්තාරකරණය සහ නියඟයට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි. එම දිනයේ චීන ජාතික සැමරුමේ මෙවර තේමාව, “කාන්තාරකරණයට එරෙහිව එක්ව සටන් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම” යන්නයි. චීනය 2020 වන විට, එරට පාලනය කළ හැකි කාන්තාරකරණයට ලක්වූ ඉඩම්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන් මුදාගැනීමේ ඉලක්කය නිසි පරිදි සපුරා ඇත.

    ඒ අනුව, කාන්තාරකරණය වැළැක්වීම සහ පාලනය කිරීමේ දී චීනය කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇත. එය, “වාලුකාවේ වර්ධනය සහ මානවයන් පසුබැසීමේ” සිට “හරිත දියුණුව සහ වාලුකාව පසුබැසීම” දක්වා ඓතිහාසික සංක්‍රාන්තියක් සාක්ෂාත් කර ගැනීමකි.

    පසුගිය වසර දහය තුළ චීනය පුරා, කාන්තාරකරණය පාලනය කෙරුණු සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 18.8 කි. එමෙන්ම චීනයේ කාන්තාරීකරණය වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 4.32 කින් පමණ අඩු වී ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජිත 2030 වන විට භූමි හායනය වීම පිළිබඳ “ශුන්‍ය වර්ධන” ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත .

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.