fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කොළඹට පිසූ ආහාර.. වතු ජනයාට වගාකරන්න ඉඩම් දෙන්න" - මනෝ

    “කොළඹට පිසූ ආහාර.. වතු ජනයාට වගාකරන්න ඉඩම් දෙන්න” – මනෝ

    ආහාර හිඟයට මුහුණදීමට කඳුකරයේ වතුවල තිබෙන මුඩු ඉඩම් වතු ජනතාවට ලබා දෙන ලෙසත්, කොළඹ නගරයේ මහල් නිවාසවලත්, පැල්පත් නිවාසවලත් ජීවත් වන ජනතාවට, තත්ත්වය යහපත් වන තුරු පිසූ ආහාර පාර්සල් ලබාදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ ආහාර ප්‍රශ්නය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැදවා තිබූ රැස්වීමකට මනෝ ගනේසන් මහතා සහභාගී වූ අවස්ථාවේදී ය.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ආහාර අර්බුදය පිළිබඳ සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  පා.ම. මනෝ ගනේසන්, පා.ම. චම්පික රණවක, පා.ම. තිස්ස අත්තනායක, පා.ම. නිමල් ලන්සා, සාගල රත්නායක යන අය එක්ව සිටියහ.

    මනෝ ගනේසන් මන්ත්‍රීවරයා එම රැස්වීමේදී පහත යෝජනා ඉදිරිපත් කළේය.

    කොළඹ නගරය

    “කොළඹ නගරයේ පසුගාමී මහල් නිවාසවලත්, පැල්පත් නිවාසවලත් ජීවත් වන පවුල් ප්‍රමාණවත් ආදායමක් නොමැතිව, ආහාර පිසීමට ගෑස්, භූමිතෙල් නැතුව, ආහාර පාන නොමැතිව දුක් විඳිනවා. 

    ඉදිරි මාස කිහිපයකට, තත්වය යහපත් වන තුරු, දිනකට එක් වරක්වත් ඔවුන්ට පිසූ ආහාර ලබා දිය යුතුයි. 

    මේ සඳහා කොළඹ වරායේ මුළුතැන්ගෙයත්, කොළඹ මහනගර සභාව සතු මුළුතැන්ගෙවල්ද භාවිතා කරන්න පුලුවන්. මෙම වගකීම යුද හමුදාවට දෙන්න පුළුවන්. මෙම සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන්න.”

    කඳුකරයේ වතූ ජනතාව

    “කඳුකරයේ වතුවල ජනතාව ප්‍රමාණවත් ආදායමක් නැතුව ඉන්නවා. 

    2021 ජනවාරි මාසයේදී රුපියල් 190ක් පමණ වූ ඇමෙරිකානු ඩොලරයක අගය අද 2022 වනවිට රුපියල් 360ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එනිසා අපනයනකරුවන්ගේ ආදායම ශ්‍රී ලංකා රුපියලෙන් සියයට 90කින් නැත්නම් දළවශයෙන් දෙගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. 

    නමුත්, මෙම අධික අතිරික්ත ආදායම මෙම අපනයන බෝග නිෂ්පාදනය කරන කම්කරුවන් සමඟ බෙදාගැනීමට වතු සමාගම් සූදානම් නැහැ. 

    2021 ජනවාරි මාසයේ දී ලබාදුන් මූලික වැටුප රු.900 තමයි, අද 2022දීත් ලබා දෙන්නේ. මේකද යුක්තිය?

    ඒ නිසා එක්කෝ පඩි වැඩි කරලා, කම්කරුවන්ගේ මිලදීගැනීමේ හැකියාව වැඩිකරන්න.

    නැත්නම් කඳුකරයේ වතුවල තිබෙන මුඩු ඉඩම් ටික වතු ජනතාවට ලබාදීලා, තමන්ගේ ආහාර වෙනුවෙන් තමන්ම වගා කර ගන්න ඔවුන්ට අවසර දෙන්න.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.