fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් සටන 7 වැනිදා ඇරඹේ - ටිකට් අනිද්දා...

    ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් සටන 7 වැනිදා ඇරඹේ – ටිකට් අනිද්දා සිට

    ලබන 07 වැනිදා සිට ආරම්භ වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර ජුනි මස 04 වැනිදා හෙවත් සෙනසුරාදා දිනයේ සිට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    ජුනි මස 07 වැනිදා ආරම්භ වන දෙරට අතර පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව තරග 5 කින් සමන්විත ඒක්දින තරගාවලියත් ඊට පස් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් පැවැත්වෙනු ඇත.

    තරගාවලිය නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රීඩා ලෝලීන්ට www.srilankacricket.lk නිල වෙබ් අඩවියෙන් වෙන්කරවා ගත හැකි ය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා තිබෙන ප්‍රවේශපත්‍ර කවුලුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    මේ අතර පල්ලකැලේ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර පිළිවෙළින් ජුනි 08 වැනිදා සහ ජුනි 26 වැනිදා සිට මිලදී ගැනීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව උදාවෙනු ඇත. අන්තර්ජාල ඔස්සේ වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර ඉහත සඳහන් ස්ථානවලින් මෙන්ම තරග පැවැත්වෙන දිනයන්හි එදින දොරටුවෙන්ද ලබාගත හැකි වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රු. 300, 1500, 2500, 4000 සහ 5000 යන මිල ගණන් වලටද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග වල ප්‍රවේශ පත්‍ර රු. 300, 2000, 4000, 5000 සහ 6000 යන මිල ගණන් වලටද අලෙවි වන අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා රුපියල් 300, 500, 1000, 5000 සහ 7500 යන මිල ගණන් වලට අලෙවි වෙනු ඇත.

    ගෙවී ගිය වසර 2 කට අධික කලයේදීම රට තුළ පැවැති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරග නැරඹීමේ අවස්ථාව සීමිත පිරිසකට උදාවුවත් මෙම තරගාවලියේදී මුලු ක්‍රීඩාංගණයම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් විවෘත කිරීමට සෞඛ්‍ය අංශ අවසර දී තිබීමද විශේෂත්වයක් වේ.

    -SLC-

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.