fbpx
තවත්
    මුල් පිටුවspecialගාලුමුදොර අරගලකරුවන් විසුරුවන්න බැරිවුණු හේතුව දේශබන්දු සී.අයි.ඩී.යට කියයි

    ගාලුමුදොර අරගලකරුවන් විසුරුවන්න බැරිවුණු හේතුව දේශබන්දු සී.අයි.ඩී.යට කියයි

    අරලියගහ මන්දිරයේ සිට පැමිණ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් පිරිස එම පහරදීමට පෙර විසුරුවා හැරීමට නොහැකි වූයේ ඇයිදැයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැහැදිලිවම අනාවරණය කර තිබේ.

    පැය 08ක් පුරාවට දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත්තේය.

    පොලිස්පතිවරයා විසින් බුද්ධි වාර්තාවක්ද සමඟ තමාට නිසි ආරක්ෂක පියවර ගන්නා ලෙස පෙර දිනයේ ලිඛිත දැනුවත් කිරීමක් කර තිබුණු බවත් ඒ අනුව තමා සෙසු නිලධාරීන්ව දැනුවත් කරමින් ගැටුමක් ඇති නොවන ලෙසට ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගත් බවද එහිදී සඳහන් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.

    ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පියවර ගැන එහිදී දීර්ඝ පැහැදිලි කිරීමක්ද දේශබන්දු තෙන්නකෝන් මහතා කර තිබේ.

    අරලියගහ මන්දිරයේ රැස්වීම පැවැත්වෙන අතර තුර තමා එහි ගොස් තත්ත්වය පරීක්ෂාකර බැලූ බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇත. එහි සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් ඒ අය මුණගැසී කථාබහක නිරත වූ බවත් ගාලුමුවදොර වට රවුමෙන් මෙපිටට ඒ අය නොඑන බව පැවසූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    ගාලු මුවදොර දෙසට එම පිරිස් පැමිණිම වැළැක්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සංවිධානය කර තිබුණත් පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත තමන්ට එම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබුණු බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා

    එහෙත් ඔහු අවධාරණයකර ඇත්තේ අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස් ගාලුමුවදොර පිටිය දෙසට ඒමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා තමාට පැහැදිලිවම උපදෙස් ලබාදී තිබුණු බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.