fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලනඥයන් රැසකගේ නිවාස සහ දේපොල ගිනි ගනී

    දේශපාලනඥයන් රැසකගේ නිවාස සහ දේපොල ගිනි ගනී

    ආණ්ඩුවට සම්බන්ද දේශපාලනඥයන් රැසකගේ නිවාස සහ දේපොලවලට ප්‍රකෝප වූ පිරිස් පහරදී ගිනි තබා ඇත.

    රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ සනත් නිශාන්ත මහතාගේ පුත්තලමේ පිහිටි නිවස, ඔහුගේ සහෝදරයෙක් වූ ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන් මහතාගේ නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතාගේ මීගමුවේ පිහිටි හෝටලයක් සහ නිවස, කුරුණෑගල නගරාධිපතිවරයාගේ නිවස, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල කාර්යාලය ව්‍යාපාරික ස්ථානය සහ නිවස, මොරටුව නගරාධිපති සමන් ලාල් මහතාගේ නිවස, වලල්ලාවිට ප්‍රාෙද්ශීය සභාවේ සභාපති උදේනි අතුකෝරාල මහතාගේ නිවස, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවෙල් මහතාගේ කළුතර පිහිටි නිවස, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ගාල්ලේ පිහිටි නිවස, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලිය එල්ලාවල මහතාගේ බලංගොඩ පිහිටි නිවස, එස්.බී. දිසානායක මහතාගේ හඟුරන්කොත පිහිටි නිවස, රාජ්‍ය අමාත්‍යවරයෙක්ව සිටි සිරිපාල ගම්ලත් මහතාගේ පොළොන්නරුවේ පිහිටි නිවස, නිමල් ලාන්සා මහතාගේ සහෝදරයෙක් වන මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ නිවස, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ නිවස, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොල පිහිටි නිවස, හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ගම්පහ පිහිටි නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ දංකොටුවේ පිහිටි නිවස සහ කාර්යාලයත් හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ පිළියන්දල පිහිටි නිවසත් , හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර පිහිටි නිවසත් ඇතුළුව හිටපු මැති අමතිවරුන් රැසකගේත් නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු රැසකගේත් නිවාස, කාර්යාල ඇතුළු දේපොල රැසක් ඒ අතර වෙතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.