fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිට දිගටම ඉන්නැයි ඉල්ලමින් පිරිසක් හෙට අරලියගහ මන්දිරයට

    අගමැතිට දිගටම ඉන්නැයි ඉල්ලමින් පිරිසක් හෙට අරලියගහ මන්දිරයට

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් නොවන්නැයි බල කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් හෙට(09) කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

    ‘මවුබිමට පණපෙවූ නායකයා වෙනුවෙන් අපි’ මැයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන එම විරෝධතාවය හෙට පෙරවරු 9ට කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පැවැත්වෙන බව වාර්තාවේ.

    රටේ ජනතාවගෙන් පිරිසක් විරෝධතාවල නිරතව gota go home කියද්දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් විය යුත්තේ ඇයි දැයි පළාත් පාලන නියෝජිතයින් හා වෘත්තිය සමිති නායකයින් පිරිසක් අගමැතිවරයාගෙන් සෙනසුරාදා පෙරවරුවේ හමුවී ප්‍රශ්න කළ බව ද ඔවුහු කීහ.

    අරලියගහ මන්දිරයේ දී තමන් ඇතුළු පිරිසට අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළේ අගමැති ධුරයෙන් ඉවත් නොවන බවද එම පළාත් පාලන නියෝජිතයෝ පැවසූහ.

    මේ පිළිබඳව කළ විමසුමකදී පළාත් පාලන ආයතන කිහිපයක නියෝජිතයින් මෙසේ පැවසීය.

    “අපි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඔහු මෙරට මේ රට සංවර්ධනය කළා. යුද්ධය නිම කළා. අගමැතිතුමා නිසා තමයි ගෝඨාභය මහතාටත් ජනාධිපතිවරණයට එන්න පුලුවන් වුනේ. මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ ගෝඨාභයට නෙවෙයි. මහින්දටයි. ඒ නිසා අපි අරලිය ගහ මන්දිරයට රට පුරා විවිධ ප්‍රදේශවලින් පාක්ෂිකයින් අරගෙන එනවා” යැයි ඔවුහු කීහ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.