තවත්
    මුල් පිටුවspecialමහරැජිනගේ රහසක් ළඟදිම එළියට

    මහරැජිනගේ රහසක් ළඟදිම එළියට

    බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ මෙතෙක් ලොව නොදුටු තරුණ වියේ දර්ශන රැසක් නුදුරේදීම මහජනයාට දැකගැනීමට අවස්ථාව හිමිවන බවට බකින්හැම් මාලිගාව නිවේදනය කරයි.

    ඒ අනුව මෙම දර්ශන බීබීසි පුවත්සේවය විසින් විකාශනය කිරීමට නියමිත නවතම වාර්තා වැඩසටහනේ අන්තර්ගතවි ඇති බවද මාලිගාව සඳහන් කරයි.

    මෙම වාර්තා වැඩසටහන එළැඹෙන මැයි 29 වැනිදා විකාශය කිරීමට නියමිත අතර එය මහ රැජන බ්‍රිතාන්‍ය කිරීටය හිමිවී වසර හැත්තෑවක් සපරීම වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහනක් බවද බීබීසී පුවත්සේවය අනාවරණය කරයි.

    ඊට මහ රැජිනගේ පුද්ගලික ජීවිතයේ වැදගත් අවස්ථා මෙන්ම මෙතෙක් මහජනයාට රහසක්ව පැවති දසුන් රැසක් පවතින බවද බීබීසී පුවත් සේවය සඳහන් කරයි.

    මෙම වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් බීබීසි පුවත්සේවයේ සයිමන් යං පවසා සිටියේ “ මෙම වාර්තා වැඩසටහනෙන් රාජකීය පවුලේ ගැඹුරු පෞද්ගලික පැත්කත් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

    ඒ අනුව මෙම වාර්තා වැඩසටහනේ නිෂ්පාදකයා රාජකීය පවුලට අදාල වීඩියෝ පට හාරසීයකට අධික සංඛ්‍යාවක් ඉතා සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කර ඇති අතර ඉන් ඉතාමත් සුවිශේෂි අවස්ථා පමණක් තොරාගැනීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img