fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය බැංකුවලට රුකුලක් දෙන්න ඩොලර් මිලියන 100ක්

    රාජ්‍ය බැංකුවලට රුකුලක් දෙන්න ඩොලර් මිලියන 100ක්

    ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදුකිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවට පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවටද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහතික වී ඇත.

    රාජ්‍ය බැංකුවල විදේශ විනිමය ද්‍රවශීලතා සහයක් ලෙස ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එම ආධාරය ඉල්ලා ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.