තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොවීන්ට සුබ ආරංචි රැසක්

    ගොවීන්ට සුබ ආරංචි රැසක්

    සෑම වර්ගයකම පොහොරවලට ගොවියාට සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළේය.

    මෙට්‍රික් ටොන් 65,000ක යූරියා තොගයක් ලබාදීම ඉන්දියාවෙන් එකඟතාවය පලකර ඇති බවත් ගොවියාට එම පොහොර අක්කරයකට කිලෝ 25 බැගින් හෝ නොමිලයේ ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම ලබන සඳුදා සිට ගොවීන්ට ලබාදීමට ඇති වන්දි මුදල් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

    පොහොර සම්බන්ධයෙන් මිල සූත්‍රයක්ද ගෙන එන බව සඳහන් කරමින් අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසූයේ මේ වන විට පොහොර සමාගම් දෙකම පොහොර ආනයනය කිරීමේ කටයුත්ත ආරම්භකර ඇති බවය.

    යල කන්නයට ගොවීන්ට ඝන කාබනික පොහොර මෙන්ම දියර පොහොරද ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගේ නිර්දේශමත කාබනික පොහොර යෙදීමෙන් අඩුවන නයිට්‍රජන් ප්‍රමාණයට ගොවීන්ට යූරියා ලබාදෙන බවද අමාත්‍යවරයා කීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජානක වක්කුඹුර අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img